ලොවක් වසඟ කළ සොඳුරු සංගීතය JAZZ
May 2018

වාදනයෙන් සහ ගායනයෙන් අලංකාරවත් වුණු Jazz සැන්දෑවක්

ඒකාකාරි බවට විරාමයක් තබමින් මා ලද නිදහස, බටහිර සංගීතයක මිහිර විඳීම සඳහා යොමුකළෙමි. විවිධාකාරයේ සංගීත සම්ප්‍රදායන්ට අයත් ගීත බොහෝමයක් අතරින් මා සිත ඇද ගැනීමට සමත්වූයේ ලොව අතීශය ජනප්‍රිය සංගීත සම්ප්‍රදායක් වන Jazz සංගීත ශෛලියට අයත් ගීතයන්ය. කවදත් වෙනස් ආකාරයක අත්දැකීමක මිහිර විඳීමට රුචිකත්වයක් දක්වන මා සිත එක් මොහොතකින් ඇඳ බැඳ ගැනීමට සමත්වූ මේ සොඳුරු සංගීත ශෛලිය පිළිබඳව තතු සෙවීමට මා පෙළඹුනි.


සටහන: අනුරාධා පෙරේරා


Jazz සංගීතයේ ආරම්භය

19 වන සියවසේ අග භාගයත් 20 වන සියවසේ මුල භාගයත් යනු ලොව සංගීත ලෝලීන් හට අතීශයින්ම වැදගත් කාල වකවානුවකි. එයට හේතුව වන්නේ ලොවම වසඟයට ගත් සොඳුරු සංගීත ශෛලියක් වන Jazz සංගීතයේ ආරම්භය ඒ කාල පරාසය තුළ සිදුවීමයි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඕර්ලියන්ස් නගරයේදීය. අප්‍රිකානු සහ ඇමරිකානු ජන සමාජයේ අතීශයින්ම ජනප්‍රිය සංගීත ශෛලියක් බවට පත්වුණු මෙය, යුරෝපීය මිලිටරි කණ්ඩායමි සංගීතය ලෙසින් හැඳින්වෙන බ්ලූස් සහ රැග් ටයිම් සංගීත සම්ප්‍රදායන්ගෙන් පෝෂණය වූවකි. එපමණක් නොව, බටහිර අප්‍රිකානු සංස්කෘතියේ සහ සංගීත ශෛලියේ ආභාසයකින්ද Jazz සංගීතය පොහොසත්ය. එමෙන්ම සාම්ප්‍රදායික ඇමරිකානු සම්භාව්‍ය සංගීතය ලෙසින්ද මෙම සංගීත ශෛලිය හඳුන්වනු ලබයි. 1920 සිට ඇරඹි Jazz යුගයේදී ජෑස් සංගීතයට විශාල පිළිගැනීමක් හිමිවිය. ඉන්පසු එය ස්වාධීන සම්ප්‍රදාය සහ ජනප්‍රිය සංගීත ශෛලිය ලෙසින් අප්‍රිකානු-ඇමරිකානු සහ යුරෝපීය-ඇමරිකානු සංගීත ප්‍රසංගවලදීද ප්‍රමුඛත්වයක් ගනු ලැබීය. Jazz යුගය ලෙසින් හැඳින්වෙන්නේ පළමුවන ලෝක යුද්ධය අවසානයේ සිට 1930 දක්වාවූ කාල පරාසයයි.


සංගීතවත් කරන වාද්‍ය භාණ්ඩ

Jazz සංගීතය සඳහා භාවිත කරනු ලබන්නේ ඉතාමත් සීමිත සංගීත භාණ්ඩ ප්‍ර‍මාණයකි. ඒවා නම් සැක්සෆෝනය, ට්‍රම්පට්, ට්‍රොම්බූන්, පියානෝව, ඩබල් බේස්, ඩ්‍රම් සහ ගිටාර් යන වාද්‍ය භාණ්ඩයන්ය. වාද්‍ය භාණ්ඩයන්ගේ හඬට ප්‍රමුඛස්ථානයක් දෙනු ලබන මෙම සංගීත සම්ප්‍රදායෙහි මිනිස් කටහඬට එලෙසින් ප්‍රමුඛස්ථානයක් හිමි නොවෙයි.


Jazz නර්තනය

Jazz සංගීත ශෛලීයත් සමඟින් මුසුවන තවත් සොඳුරු කලාංගයක් වන්නේ Jazz නර්තනයයි. Jazz සංගීතය තරමටම සුන්දරවූ මෙම නර්තනයේ පවතින්නේ එයටම ආවේණිකවූ රිද්මයක් සහිත අප්‍රිකානු-ඇමරිකානු නර්තන විලාසයන්ය. අද වනවිට විවිධාකාරයේ නවීකරණයන්ට භාජනයවී තිබුණද, මෙම නර්තනයේ යෙදෙන්නේ එයටම අනන්‍යවූ සංගීතයේ තාලයට පාද තබමින් එහි යෙදෙන්නන්ට මෙන්ම නරඹන්නන්ටද අපූරු මිහිරත්වයක් ගෙන එමිනි.


Jazz සංගීතයේ නිර්මාතෘවරුන්

Jazz සංගීතය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එය බිහිකිරීම සඳහා මූලිකත්වය ගත් පිරිස පිළිබඳව දැනුවත්වීම අතීශයින් වැදගත්ය. ඒ අතර Jazz සංගීතයේ නිර්මාතෘවරුන් ලෙසින් බොහෝවිට සලකනු ලබන්නේ නිව් ඔර්ලියන්ස් Jazz à·„à·’ ප්‍රථම රජු ලෙසින් හැඳින්වෙන ජෝ කින්ග් ඔලිවර්, කිඞ් ඕරි සහ ලූවී ආම්ස්ට්‍රෝන් ය. ඊට අමතරව මයිල්ස් ඩේවිස්, ඩියුක් එලින්ටන්, ජෝන් කොල්ට්‍රන්, බිලි හොලිඩේ වැනි සංගීතඥයින්ද වෙයි.

මීට සියවසකට පමණ පෙර අප්‍රිකානු-ඇමරිකානු ජන සමාජය පදනම් කරගනිමින් ඇමරිකා එක්සත් ජනපදයේදී බිහිවූ Jazz යනු අද වනවිට ලොව පුරාම ප්‍රචලිතවී ඇති සුන්දර සංගීත ශෛලියකි.


එමෙන්ම ජනප්‍රියත්වයට පත්වූ ‍Jazz ගීත අතර ඩේව් බෲබෙක් ගේ ටේක් ෆයිව්, තෙලෝනියස් මොන්ක් ගේ රවුන්ඞ් මිඞ්නයිට්, මයිල්ස් ඩේවිස් ගේ සෝ වට්, බිලි හොලිඩේ ගේ ස්ට්‍රෙන්ඞ් ෆ්රුට් වැනි ගීත දැක්විය හැකිය.


මීට සියවසකට පමණ පෙර අප්‍රිකානු-ඇමරිකානු ජන සමාජය පදනම් කරගනිමින් ඇමරිකා එක්සත් ජනපදයේදී බිහිවූ Jazz යනු අද වනවිට ලොව පුරාම ප්‍රචලිතවී ඇති සුන්දර සංගීත ශෛලියකි. අද වනවිට විවිධ දේශයන්ට, විවිධ ජාතීන්ට, විවිධ සම්ප්‍රදායන්ට අනුව එහි යම් යම් වෙනස්කම් සිදුවී නවාංගයන් එක්වී තිබුනද Jazz ශෛලියටම උරුමවූ ලක්ෂණයන් පැවතීම නම් සතුටට කරුණකි.


අද වනවිට Jazz ශ්‍රී ලංකාවේ සංගීතලෝලීන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති සංගීත ශෛලියක් බවට පත්ව තිබේ. ඇමරිකානු සම්භවයක් ඇති මෙම සොඳුරු සංගීත සම්ප්‍රදායට ශ්‍රී ලාංකීය සමාජයේ ඇති රුචිකත්වයට හොඳම උදාහරණ වන්නේ මෙරටදී දිනපතා මෙන්ම සතිපතාත් පවත්වනු ලබන Jazz evenings, Jazz weekends සහ Jazz festivals ය. එවන් Jazz ප්‍ර‍සංග සඳහා විදේශීය සංගීතඥයින් පවා මෙරටට පැමිණෙන අතර Jazz සංගීත ලෝලීන්ගේ එකතුවෙන් බිහි වුණු Jazz සමාජයන්ද මෙරට පවතී. විවේකයක් ලද ඇසිල්ලක හෝ මෙවන් සංගීතයකට සහභාගී වන්නේ නම්, සවන් දෙන්නේ නම් එහි ඇති මිහිර ඔබටද මනාව විඳගැනීමට හැකිවනු ඇත.


මෙම ලිපිය සැකසෙන්නේ අන්තර්ජාලයෙන් සපයාගත් තොරතුරු ඇසුරිනි.

Jazz is one of the most popular music genres in the world, which has its roots traced back to the African-American community of New Orleans, United States. Even in Sri Lanka jazz is a music genre loved by many. The period between the 1920s and 1930s is considered as the Jazz period during which jazz music rapidly gained nationwide popularity. John King Oliver, Kid Ory and Louis Armstrong played a vital role in introducing jazz to the world. Jazz dance is a style influenced by the urban African-American community. Today, jazz is played and listened to by people of all cultures and ethnicities and includes musical elements and styles from all over the world.

  • image01
    image01

    තත් අතර සියුම් හඬ නංවා Jazz සංගීතය හැඩගන්වන ගිටාරය

    Prev Next
  • image01
    image01

    Jazz සංගීතයෙහි සොඳුරු හඬ උත්පාදක, සැක්සෆෝන් වාදනය

    Prev Next
  • image01
    image01

    Jazz සංගීතයට අලංකාරය ගෙන එන පියානෝ වාදනය

    Prev Next