ජීවිතයට පාර කියන දහම් කතා
March 2018

භගවත් ගීතාවේ සඳහන් වන ක්‍රිෂ්ණ දෙවියන් සහ අරුජුණා රජු අතර ඇතිවූ දෙබසක් හැඟවෙන අයුරින් අඳින ලද සිතුවමක්

ජීවත්වීම යනුවෙන් හැඳින්වෙන්නේ අප ලද දිවිය නිසි අයුරින් ගතකිරීමය. ඒ සඳහා අවැසි වන්නේ නිසි මග පෙන්වීමක්ය. ඒ මග පෙන්වීමේ කාර්යයේදී මූලිකත්වය ගනු ලබන්නේ ආගම්ය. ඒ සෑම ආගමකම මූලික අභිප්‍රාය වන්නේ මිනිස් ජීවිතය යහපත කරා යොමුකිරීමයි. එහිදී ආගමික ශාස්තෘවරුවන් විසින් අවබෝධකරගත් ධර්මය සිය අනුගාමිකයින් වෙත ගෙන ඒම මුඛ පරම්පරාගතව සිදුවූ අතර පසුකාලීනය ඒවා ලේඛන ගත විය. එය සෑම ආගමකටම පොදුවූ කරුණකි. එය හින්දු දහමෙහිදීද එලෙසම විය. නමුත් හින්දු දහමේ වන සුවිශේෂීත්වය වන්නේ එය පුළුල් පරාසයක විහිදුණු ග්‍රන්ථ ප්‍රමාණයක ලේඛන ගතවීමයි.


සටහන: අනුරාධා පෙරේරා


හින්දු ධර්මය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අප අතර බහුල වශයෙන් ප්‍රචලිතව ඇත්තේ වේද ග්‍රන්ථ, රාමායනය සහ මහාභාරතය වැනි කෘතීන් ය. ඒ දහමට අනුව කෘති ලියවී ඇති ප්‍රධාන ආකාර දෙකකි. දෙවියන් හෝ වෙනයම් කෙනෙකු විසින් තවත් කෙනෙකුහට සිදු කරන ප්‍රකාශයකට අනුව ලියැවී ඇති අප්‍රකාශිත කර්තෘ සහිත කෘති ශ්‍රැති ලෙසින් හැඳින්වෙයි. නිශ්චිත කතුවරයෙකු විසින් රචිත කෘති ස්මෘති ලෙසින් හැඳින්වෙයි.


ශ්‍රැති
ඍග්, යජූර්, සාම, අතර්වා යන වේද ග්‍රන්ථ අයත් වන්නේ ශ්‍රැති ගණයටය. මෙම වේද ග්‍රන්ථ නැවත වරක් අනු කාණ්ඩ දෙකකට බෙදෙන්නේ කර්ම කාණ්ඩ සහ ඥාන කාණ්ඩ යනුවෙනි. ඉන්පසු ඒවා සම්හිතා, බ්‍රහ්මණ, අරණ්‍යක සහ උපනිශද් යනුවෙන් නැවත වර්ග කෙරෙයි.


ස්මෘති
ස්මෘති ලෙසින් හඳුන්වන්නේ මිනිසා විසින් ප්‍රබන්ධ කර ඇති කෘතීන්ය. මේවා උප වේද, වේදාංග, ධර්ම ශාස්ත්‍ර, පුරාණ, ඉතිහාස සහ ආගම යනුවෙන් අනු කොටස් කිහිපයකට බෙදෙයි. ශ්‍රැති ලෙසින් හඳුන්වන කෘතීන් අධ්‍යාත්මික මග පෙන්වීමක් ලබාදෙන අතර ස්මෘති ගණයට අයත් කෘතිවලින් අධ්‍යාත්මික මෙන්ම ලෞකික දිවිය නිසි අයුරින් ගතකිරීමට අවැසි මගපෙන්වීම සිදුකරයි. මෙම කෘති සතුවන විශේෂත්වය වන්නේ ඒවා රචනා කරන ලද නිශ්චිත කතුවරයෙක් සිටීමයි.


ස්මෘති කාණ්ඩය, කාණ්ඩගත කෙරෙන උප කාණ්ඩ කිහිපය අතරින් ඉතිහාස ගණයට වැටෙන කෘති වඩාත් විශේෂ වන්නේ ඒවා හින්දු ජනයා අතර වැඩි වශයෙන් භාවිත වන බැවිණි. එම කාණ්ඩයට අයත් ග්‍රන්ථ අතර මූලිකත්වය ගනු ලබන්නේ රාමායනය සහ මහාභාරතයයි. එම කෘතීන් වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේත් මිනිසා විසින් එය වැඩි වශයෙන් පරිහරණයට පුරුදුව තිබෙන්නේත් ඒවායෙහි ගැබ්ව ඇති කතා ශෛලිය හේතුවෙනි.


රාමායනය රචනා කර තිබෙන්නේ මීට වසර 10,000 කට පමණ පෙරදීය. ඒ වාල්මිකී නම්වූ ඍෂිවරයා විසිනි. එය සඳැස් කාව්‍ය විසිපන් දහසකින් පමණ සමන්විත වෙයි. එහිදී රාම සීතා ආදර කතාව මෙන්ම රාම රාවණා යුද්ධය සම්බන්ධ තොරතුරු අලංකාරවත් අයුරින් දක්වා තිබෙන්නේ එය කියවන මෙන්ම අසන ජනයා හට ඉන් ආදර්ශයක් ලබාගැනීමට හැකි වන අයුරිනි.


එමෙන්ම මින් වසර දහස් ගණනකට පමණ පෙර විසූ වේද ව්‍යංස ඍෂිවරයා විසින් රචිත මහාභාරතය කෘතියේද එම ගුණාංගය අඩුවක් නොමැතිව දක්නට ලැබෙන අතර භගවත් ගීතාවද එහිම අන්තර්ගතවී තිබේ. සඳැස් කාව්‍ය ලක්ෂයක පමණ ප්‍රමාණයකින් සමන්විත එහි ක්‍රිෂ්ණ කුමරුන්ගේ ළමා විය, ඒ හා සම්බන්ධ සිදුවීම් දාම මෙන්ම පංච පාණ්ඩ්‍ය කුමාරවරුන්ගේ යුධ අගරගලය ආදිය පිළිබඳව සඳහන් කර ඇත්තේ කියවන්නාට මෙන්ම අසන්නාටත් මනාව වටහාගැනීමට මෙන්ම එය සිය ජීවිතයට පහසුවෙන් ආදේශ කරගැනීමටත් හැකි වන අයුරිනි. කතාන්දර ශෛලියට අනුව රචනා කර තිබුණද මෙම සෑම කෘතියකම ගැබ්ව ඇත්තේ හින්දු දහම මගින් මිනිසා වෙත පෙන්වීමට උත්සහ කරන ජීවිතයයි.


එම කතාවල රාම කුමරුගේ, සීතා කුමරියගේ, ක්‍රිෂ්ණ කුමරුගේ, පංච පාණ්ඩ්‍ය කුමාරවරුන්ගේ චරිත මගින් මෙන්ම ඔවුන් මුහුණදෙන සිදුවීම් මගින් කියවන්නාට මෙන්ම අසන්නාටත් ඉතාමත් පහසුවෙන් ජීවිතය පිළිබඳව මෙන්ම නිවැරදි‍à·€ ජීවිතය ගත කළ යුතු ආකාරය කුමක්ද යන්න පිළිබඳව මනා අවබෝධයක් ලබාදෙයි.


මෙලෙසින් කියවන්නාට අවබෝධ කරගැනීමට පහසුවන අයුරින් රචනා කරමින් මේ සෑම ධර්ම ග්‍රන්ථයකින්ම බලාපොරොත්තුවන්නේ මිනිසාට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරදීමය. එය කොයි ආගමටත් පොදුවූ ලක්ෂණයකි. විවිධාකාරයේ ප්‍රශ්න ගැටලුවලට මැදිවී දිවිගෙවන මිනිසාට මෙවන් ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් යහපත උදාවෙයි.


මෙම ලිපිය සැකසෙන්නේ චින්මයා මිෂන් ඔෆ් ශ්‍රී ලංකා à·„à·’ බ්‍රහ්මචාරි දර්ශන් චයිතන්‍යා සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි.


ඡායාරූප අන්තර්ජාලයෙනි.


The core truths of Hinduism are enthroned in a collection of books and scriptures that give life to many mythical and real stories. The origin of Hindu sacred texts dates back to many centuries. As we all know, the celebrated and famous literature in Hinduism are the Vedas, the Ramayana and the Mahabharata.

The most significant texts in Hinduism have been written in two methods - Shruti as the most revered body of sacred literature is believed to have been given away through divine revelation, hence bear no author identity; Smriti on the other hand is attributed to an author, quite often composed by great scholars.

The Shruti texts are divided into Vedas known as Rig Veda, Yajur Veda, Sama Veda and Atharva Veda, and within each of these four books are four other compositions, namely the Samhita and the Brahmana that belong to the Karma-Kanda section, that deal with sacrificial rituals and the Aranayaka and Upanishad that belong to the sub-category of Gnana-Kanda, which consists of philosophy.

This article was written with information provided by Brahmachari Darshan Chaitanya of the Chinmaya Mission of Sri Lanka.

  • image01
    image01

    මුඛ පරම්පරාවෙන් පැමිණි ධර්මය ලේඛනගතවූ අයුරු හැඟවෙන සිතුවමක්

    Prev Next
  • image01
    image01

    මහාභාරතය රචනා කළ වේද ව්‍යංස ඍෂිවරයාගේ සිතුවමක්

    Prev Next
  • image01
    image01

    රාමායනය රචනා කළ වාල්මිකී ඍෂිවරයාගේ සිතුවමක්

    Prev Next